Friday, January 3, 2014

අසිරිමත් ධාතු පෙළහර. (03-කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව පළමු ලිපියෙන් සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ ව ද, දෙවන ලිපියෙන් දන්ත ධාතූන් වහන්සේලා පිළිබඳ ව ද, විස්තර ඉදිරිපත් කරන ලදී. 

මෙ ම ලිපියෙන් අනෙකුත් සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කරනු ලැබේ.
  • ලලාට ධාතූන් වහන්සේ 
  • අකු ධාතූන් වහන්සේලා
  •  ග්‍රීවාස්ථි ධාතූන් වහන්සේ
  • කේශ ධාතූන් වහන්සේලා 
  • නඛ ධාතූන් වහන්සේ 
  • ඌර්ණ රෝම ධාතු
  • භින්න ධාතු


Saturday, October 12, 2013

අසිරිමත් ධාතු පෙළහර. (02-කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ඉදිරිපත් කරනු ලැබේ. ඒ අනුව සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ විස්තරයක් පසුගිය ලිපිය මගින් ඉදිරිපත් කරනු ලැබීය. මේ ලිපියෙන් ඉදිරිපත් කරනු ලබන්නේ බුදුරදුන් ගේ දන්ත ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයකි.

දන්ත ධාතූන් වහන්සේලා 

සුවාසූදහසක් ධර්මස්කන්ධයේ පහස ලද උතුම් දන්ත ධාතුන් වහන්සේලා අද දිනයේ පවා ජීවමාන බුදුරදුන් ට කෙරෙන සියලු පුද සත්කාරයන් ලබමින් අපාරිමිත දෙව් මිනිසුන් ගේ පුජා මධ්‍යයේ වැඩවසති. අප සර්වඥයන් වහන්සේ ගේ ශ්‍රී මුඛයේ දන්තයෝ සතළිසක් විය. ඒ දන්තයන් අතර සිදුරු, හිඩැස් නො වී ය. එ සේ ම දත් උස නො වී ය, කෙටි නො වී ය, ඇල නො වී ය. සියලු දත් මුතු ඇට පෙලක් මෙන් සම ව පිහිටා තිබුණි. මේ පිලිබඳ දීඝ නිකායේ ලක්ඛණ සුත්‍රයේ සඳහන් වේ. 

Sunday, August 18, 2013

අසිරිමත් ධාතු පෙළහර. (01-කොටස)

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ විස්තරයක් මෙ ම ලිපි පෙළ ඔස්සේ ගෙන ඒමට බලාපොරොත්තු වෙමි. මේ ලිපි පෙළ ඔස්සේ සර්වඥ ධාතූන් වහන්සේලා සියල්ල පිළිබඳ හැඳින්වීම, ඉතිහාසය සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ ව ද, විස්තර ඉදිරිපත් කිරීම ට බලාපොරොත්තු වෙමි. මේ ලිපිය තුළින් ධාතූන් වහන්සේලා පිළිබඳ සංක්ෂිප්ත විස්තරයක් සහ ධාතු පරිනිර්වාණය පිළිබඳ විස්තරයක් ඉදිරිපත් කෙරේ.

සර්වඥ ධාතූන් වහන්සේලා පිළිබඳ හැඳින්වීම.

බුද්ධත්වයට පත්වන උතුමන් වහන්සේ නමක ගේ පරිනිර්වාණයන් තුනක් පවතී. පළමුවැන්න නම් ක්ලේශ පරිනිර්වාණය යි. එය බුද්ධත්වය ට පත්වන අවස්ථාවේ දී සිදු වේ. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. දෙවැන්න නම් ස්කන්ධ පරිනිර්වාණය යි. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. තෙවැන්න නම් ධාතු පරිනිර්වාණය යි. එය අප ගෞතම බුදුරදුන් ගේ අධිෂ්ඨාන ශක්තිය අනුව අනාගතයේ සිදු වේ. 

Thursday, May 23, 2013

එන්න... ධර්මය දකින්න...

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස.

වසර එකහමාරකට ආසන්න කාලය තුළ මෙ ම බ්ලොග් අඩවිය ඔස්සේ දහම් ලිපි අසූවකට ආසන්න ප්‍රමාණයක් බොහෝ දෙනා ගේ හිතසුව පිණිස පළකළෙමු. අද දින පළකරන්නට යෙදෙන මේ ලිපියේ අරමුණ වන්නේ ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව පිළිබඳ හැඳින්වීම සහ පරිගණක මාධ්‍යයෙන් පහසු පරිහරණය සඳහා නිමවූ බුද්ධජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව සහිත මෘදුකාංග පද්ධතිය පිළිබඳ ඔබ දැනුවත් කරවීම යි.

Monday, May 20, 2013

තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල

 නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස

වෙසක් දිනය නිමිත්තෙන් මෙ ම ලිපිය පල කළයුතු ය යි සිත් විය. මේ ලිපිය මුල්වරට ප්‍රකාශයට පත් ව ඇත්තේ ශ්‍රි බුද්ධ වර්ෂ 2493 වෙසක් පොහෝ දින (1949 මැයි 1) සිළුමිණ පත්‍රයේ ප්‍රධාන පිටුවේ ය. "තෑග්ගට සුදුසු වෙසක් සැරසිල්ල" බුදුරජාණන් වහන්සේ මනා ව හඳුනාගත් පූජනීය රාජකීය පණ්ඩිත කඩවැද්දුව ශ්‍රී ජිනවංශ මහා ස්වාමින්ද්‍රෝත්තමයාණන් වහන්සේ  ගේ බෝධි චින්තනයෙන් සැපයුණු ඓතිහාසික ලිපියකි. 

2500 සම්බුද්ධ ජයන්ති සමය උදාවත් ම, ශාසන ප්‍රතිපත්ති හා මඟ ඵල නිවන් වසා පැවති විමති අඳුර නසා, අද ත්, මඟ ඵල නිවන් රස විඳිය හැක්කේ මෙ සේ ය යි, සම්බුද්ධ ශාසනය නගා සිටුවීමේ ප්‍රණීතාධ්‍යාශයෙන් සමාරබ්ධ "ශ්‍රී කල්‍යාණී යෝගාශ්‍රම සංස්ථාව" මෙ ම ඓතිහාසික ලිපියේ ප්‍රතිඵලයකි. 

  • අද බුදුරජාණන් වහන්සේ වැඩ සිටින සේක් නම් වෙසක් සැරසිලි කාරයන්ට කෙබඳු බණක් වදාරත් ද?
සිංහල බෞද්ධයන් විසින් වර්ෂයක් පාසා වෙසක් උත්සව උත්කර්ෂවත් ලෙස පවත්වනු ලැබේ. ජාතික සාමායික දෙපසින් ම විශේෂ සිද්ධි රැසක් සිහියට නංවන වෙසක් දිනයෙ හි උත්සව පැවැත්විය යුතු ම ය. අප මේ ලිපිය ලියන්නේ වෙසක් ඉතිහාසය දැක්වීමට හෝ උත්සව කරුවන්ගේ උනන්දුව පණපෙවීමට නොවෙයි.
Related Posts Plugin for WordPress, Blogger...